ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට පොල් වගාවට හානි

    මැයි 28, 2015
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පොල් වගාව සඳහා මේ වන විට හානි සිදුවෙමින් පවතී. මයිටා හානිය ලෙස හඳුන්වන මේ රෝගයෙන් වීරකැටිය, තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, අම්බලන්තොට, තංගල්ල, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පොල් වගාවන්ට හානි සිදුව ඇති බව ගොවීහු පවසති.
     
    මේ පිළිබඳ පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම කමිටුවේදී සාකච්ඡා කළ අතර අවස්ථා කිහිපයකදී ම අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බව ද මේ පිළිබඳ අදහස් දක්වමින් ගොවීන් පැවසූහ. පසුගිය කාලයේ වැලිගම, බෙලිඅත්ත, තංගල්ල, ඕකේවෙල වැනි ප්‍රදේශයන් හි පොල් වගාවට සිදු වූ හානිය නිසා විශාල පොල් ගස් ප්‍රමාණයක් කපා ඉවත් කිරීමට ද සිදු වී ඇත. මේ නිසා පොල් වගාකරුවන් තව තවත් අපහසුතාවට පත් ව ඇති බැවින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහතා, පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේ අදාළ කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගෙන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර ඊළඟ කෘෂිකර්ම කමිටුව වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත්ය.
     
    මයිටා රෝගය පොල් වගාවට වැළදී ඇත්නම් පොල් අතු දිරාපත්වීම හෝ පිලිස්සී යෑම, මුල් දිරාපත්වීම, ඵලදාව අඩුවීම, පොල් ගෙඩි කුඩාවීම වැනි ලක්ෂණ දැකිය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ තම පොල් වගාවේ පවතී නම් අදාළ ප්‍ර දේශයේ පොල් සංවර්ධන නිලධාරීවරයා හමුවන ලෙසත් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ජනතාවට දැනුම් දෙනු ඇත.
     
    NDH/JP-dmu Hambantota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya