අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    ලෝක පරිසර දිනයට සමගාමීව වැඩසටහන් රැසක්- පාසල් සිසුන්ට චිත්‍ර තරඟයක්

    මැයි 30, 2015
    A logo CEAශ්‍රී ලංකාවේ පළාත් අටක, එක් පළාතකින් පරිසර නියමුවන් 100ක් සම්බන්ධකරගනිමින් පරිසර දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වෙයි.
     
     
    2015 ලෝක පරිසර දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ලෝක පරිසර දිනය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු දිස්ත්‍රික් කාර්යාල වෙත උපදෙස් ලබා දී ඇත.
     
    මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පාලනය වන බෙල්ලන්විල, අත්තිඩිය සොබාකෙත මධ්‍යස්ථානයෙන් ලෝක පරිසර දින සැමරුමට සමගාමීව පාසල් සිසුන්ගේ චිත්‍ර තරඟයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත. පරිසර හිතකාමී චර්යාධර්ම පද්ධතියක් තුළින් පරිසර සංරක්ෂණ පණිවුඩය සමාජගත කිරීම සඳහා මෙම චිත්‍ර නිර්මාණ තරඟ පැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya