ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2014/2015 ශිෂ්‍ය නායක දිනය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

    ජූනි 08, 2015
    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2014/2015 ශිෂ්‍ය නායක දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ “නියුක්ත්ව හීසර මිරිඟුව පරදා” නම් වු වැඩසටහන ඊයේ (07)  ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
     
    මෙම වැඩසටහන සඳහා ලංකාවේ පාසල් 35ක් නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් 194 දෙනෙකු, එකි විද්‍යාලවල ගුරු භවතුන් හා බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායකයන්ද සහභාගී වූහ.
     
    පළමුව ආගමික වතාවත් හි නිරත වූ අමාත්‍යවරයා ඇතුළු පිරිස විද්‍යාලයේ ඇති රණ විරු ස්මාරකය අභියසට ගොස් ඊට පුෂ්පෝහාර පැවැත්වීය. 
     
    ගම්පහ ප්‍රදේශයේ පාසල්වල ශිෂ්‍ය නායක, නායිකාවන් අතර පවත්වනු ලැබූ “ලුතිතන් සම්පත් ශ්‍රී සමරනායක අනුස්මරණ විවාද තරගයේ” ජයගග්‍රාහක කණ්ඩායම වන කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා කණ්ඩායමේ සාමාජිකාවන්ට සහ අනු ශූරතාව දිනූ කණ්ඩායමට සහතිකපත් හා කුසලාන ප්‍රදානය අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.
     
    පාසල් දරුවන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා නිරන්තරයෙන්ම ගුරුවරුන් මගපෙන්වනු ලබන බවත් අද දින රටේ ලොකු තනතුරු හොබවන අය එදා පාසල් අවධියේදී ලැබූ මෙවන් අත්දැකිම් තුළින් නිසි පන්නරයක් ලබාගත් පිරිස බවද අමාත්‍යවරයා පැවසීය. එසේම ශිෂ්‍ය නායකයෙකු යන්න ඉතා වැදගත් චරිතයක් බව පසක් කළ අමාත්‍යවරයා එහි වටිනාකම මනාව තේරුම්ගෙන ඔවුන් අන්‍යන්ට වඩා ආදර්ශවත් විය යුතු බව ද පවසා සිටි අතර ඒ අනුව වැඩ කිරීමෙන් අප සමාජය ඉතා හොඳ මගකට ගෙන යා හැකි බව ද මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    ජීවිතයේ සුන්දරම අවධිය පාසල් කාලය බව සිහිපත් කළ අමාත්‍යවරයා එම කාලයේදී සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කිරීම තුළින් සෑම දෙනෙකුටම සුන්දර අනාගතයක් හිමිකරගත හැකි බව පැවසීය. වර්තමානයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පාසල් දරුවන් පත්වී ඇති බවත් එකි තත්ත්වය වෙනස් කිරීම සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් නිතරම විමසිල්ලෙන් සිටිය යුතු බවත් එතුළින් සිය සහෝදර ශිෂ්‍ය ප්‍රජාවගේ ජීවිත වඩා හොඳ මාර්ගයකට යොමු කිරීමට ඔවුන්ට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් මෙහිදී අවධාරණය කළේය.
     
    පාසල් කාලය තුළ දී ලබාගන්නා විනය, අධ්‍යාපනය හා වැඩිදියුණු කර ගන්නා කුසලතාවන් තවදුරටත් ඔපමට්ටම් කර ගැනීම තුළින් වඩා යහපත් හෙටක් ගොඩනැගීම සඳහා සියලු දෙනාගේම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගීවීම සඳහා තමාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමා ඇතුළු මෙම උත්සවයේ සංවිධායක මණ්ඩලයට සිය ස්තූතිය පුද කිරීමටද මෙහිදී අමතක නොකළේය.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya