ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී, වාර්තා නොවන හා අවිධිමත් ධීවර කටයුතු මැඬලීම සඳහා වන වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධයෙන් 2009 ආහාර හා කෘෂිකර්ම සංවිධාන(FAO) ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩමුළුව

    ජූනි 09, 2015
    ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) 2009 වසරේදී ඇති කර ගත් වරාය රාජ්‍ය සතු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම තවදුරටත් බලාත්මක කිරීම සහ නීති විරෝධී, වාර්තා නොවන හා අවිධිමත් ධීවර කටයුතු මැඬලීම පිළිබඳ වැඩමුළුව පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි. වැඩමුළුවේ සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී විය.
     
    මේ ගිවිසුම ක්‍රියාවට නැංවීමේ මූලික පියවරක් වශයෙන්, හැකියාවන් නංවාලීමේ ගෝලීය වැඩමුළු මාලාවේ එක් කොටසක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. වරාය රාජ්‍ය පියවරයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ප්‍රතිපත්තිමය, නෛතික, ආයතනික හා මෙහෙයුම් අවශ්‍යතා හුවා දැක්වීම සඳහා වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධ ගිවිසුමෙ හි (PSMA)විධිවිධාන පිළිබඳ ව අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩමුළුව මඟින් අපේක්ෂා කෙරුණි.
     
    මෙම වැඩමුළුව අවසානයේදී ඊට සහභාගී වන රටවල් විසින් වරාය රාජ්‍ය පියවරයන් ශක්තිමත් කීරීමටත් එමෙන්ම ඒ සම්බන්ධයෙන් එම රටවල් සහයෝගීව කටයුතු කරනු ඇති බවටත් විශ්වාසය පළකරන ලදී. එමඟින් සමාජීය හා ආර්ථික සංවර්ධනය මෙන්ම ආහාර සුරත්ෂිතතාව ඇති කිරීමේ දායකත්වය අපේක්ෂා කරනු ලබන අතරෙ ඒ මත අවසාන ප්‍රතිඵලය ලෙස ධීවර සංවර්ධනය හා කළමනාකරණය වැඩිදියුණු කර ඒ හා සම්බන්ධ පරිසර පද්ධතිවලට සිදුවන හානි අඩු කිරීමට ද අපේක්ෂිතයි. ඉන්දියන් සාගරයේ උතුරු හා අපරදිග සාගර කලාපයට (යාබද මුහුද හා මුහුදු බොක්ක ද ඇතුළත්ව) මායිමේ ඇති රටවල්  19ක නියෝජිතයන් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.
     
    වැඩමුළුව සමාරම්භක දිනයේ සභාව අමතා අදහස් දක්වමින් කතා කළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය. "ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 70% ක ප්‍රමාණයක් සපුරනු ලබන්නේ මත්ස්‍යය පරිභෝජනය තුළිනි. මෙරට ධීවර ක්ෂේත්‍රයේ සුළු හා වක්‍ර රැකියාවල නියුක්ත ජන ප්‍රමාණය හය ලක්ෂ පනස්දහස ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 2.5%ක දායකත්වයක් ධීවර ක්ෂේත්‍රය සතුය. මීට වසර තිහකට පෙර සාම්ප්‍රදායික ව පැවති ධීවර කර්මාන්තයක්ව මේ වන විට ක්‍රමයෙන් යාන්ත්‍රීකරණය වෙමින් අන්තර්ජාතික මුහුද ජයගැනීමට සමත්ව ඇති අතර ඒ සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර තිබේ යැයි ද පැවසීය.
     
    මෙම සමුළුව තුළින් ධීවර ක්ෂේත්‍රයේ ඇති වන වෙනස්කම්වලට හා ඉදිරියේදී තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකා රජය මෙන්ම ධීවර කාර්මිකයන් ද දැනුවත්වීම තුළින් යහපත් කළමනාකරණයකින් යුත් ධීවර කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ ඇතිවනු දැක්ම තම අපේක්ෂාව මෙන්ම ප්‍රාර්ථනය බවද "  අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා, මාල දිවයින් නිත්‍ය නියෝජිත බෙත් ක්‍රෝෆඩ්, නෝවීජියානු ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රෙටේ ලෝචන් යන මහත්ම මහත්මීහු එක්වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya