ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට සංවර්ධනයට දැවැන්ත වැඩපිළිවෙළක්

    ජූනි 11, 2015
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත වැඩ කටයුතු රැසක් ආරම්භ කොට ඇති බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ යටතේ ඉඩම් නොමැති අනු පවුල් වෙනුවෙන් දේශපාලන පක්ෂ භේදයකින් තොර ව ඉඩම් කොටස් ලබාදීම, රජයේ රැකි රක්ෂා තරුණ පොළට ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින හම්බන්තොට ප්‍රදේශයේ ජන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම හා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 90ක්, පවුල් 6700කට සහන පොලී පදනම මත රුපියල් 100,000බැගින් "සහන දිරිය" ස්වයං රැකියා ණය ලබාදීම සඳහා මිලියන 670ක්, දිස්ත්‍රික්කයේ මාර්ග 51ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 354.8ක්, සෑම ග්‍රාමසේවා වසමකට ම රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීම, ගොවි සංවිධාන 763ක පොදු වැඩකටයුතු සඳහා රුපියල් 100,000බැගින් ලබාදීමට රුපියල් මිලියන 76.3ක්, ලියාපදිංචි දහම් පාසල්වල අඩුපාඩු සපුරාගැනීම සඳහා රුපියල් 100,000බැගින් රුපියල් මිලියන 42.9ක්, පෙරපාසල් 580ක් සඳහා රුපියල් 50,000බැගින් ලබාදීමට කටයුතු කරන අතර ස ලුණුගම්වෙහෙර සහ වළස්මුල්ල නගරවල අංගසම්පූර්ණ බස්නැවතුම්පොළ 02ක් ඉදිකිරීම සිදු කෙරෙන අතර ම නිවාස නොමැති පවුල් 87,000කගේ නිවාස ප්‍රශ්න විසඳීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මේ සියලු සංවර්ධන කටයුතු වසර ගණනාවක් සිදු කරනු ලැබූවක් නොවන බව ප්‍රකාශ කරන නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා මෙය මාස හතර හමාරක ප්‍රතිඵලයක් බවත් ප්‍රකාශ කරයි.
     
    රටේ න්‍යාය පත්‍ර යේ ඉහළින් ම තිබිය යුත්තේ ජනතාවට සහන ලබාදී නැවතත් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා නිවාස, සමෘද්ධි සහනාධාර, නොමිලයේ සෞඛ්‍ය සේවාව හා නිදහස් අධ්‍යාපනය තහවුරු කර දුෂණයෙන්, වංචාවෙන් හා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර සැනසිලිදායක යුගයක් රටට උදාකිරීම බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya