ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 11, 2015
    මැතිවරණ ආවත් රටේ සංවර්ධන කටයුතු නතර කරන්නට පුළුවන්කමක් නැතැයි  ද වැඩිකල් නොගොස් ළඟදීම මහ මැතිවරණයක් පැවැත්වෙන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 
    ඒ මහතා මෙසේ පැවසුයේ පසුගියදා පො‍ලොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවැති දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමේදීය.  
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා "අද මේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පවත්වන්නේ මම ජනාධිපති වෙලා ලංකාවෙම පවත්වන පළමු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීම ලෙසයි".
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි අපේ මුලික අරමුණ විය යුත්තේ, මුළු රටේම සංවර්ධන,සමාජ සේවා , සමාජ සුබසාධන කටයුතු ඉටු කිරිමේදි දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව ඉටු කිරිමයි. දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මැති ඇමතිවරුන් දැනුවත් කරන්න. ඒක කාර්යක්ෂමව සිදු කෙරෙනවාද යන්න පිළිබදව ඔවුන්ට සොයා බැලිය හැක.දේශපාලන බේදයකින් තොරව මේ සඳහා 
     
    සහය ලබා දෙන ලෙස මා  මැති ඇමතිවරුන්ගෙන්  ඉල්ලා සිටිනවා. මේක අලුත් අත් දැකීමක්, අලුත් වැඩ පිළිවෙළක්. ක්‍රියාත්මක කරනවිට ගැටඵ මතු වෙනවා. මෙම තත්ත්වයන් මඟ හරවා ගෙන කටයුතු කිරීම නිලධාරීන්ගේ මෙන්ම ජනතා නියෝජිතයින්ගේ වගකීමක් බවද  ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    මෙහිදී ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතුවල ප්‍රගතිය හා ඇතිවන ගැටඵ තත්ත්වයන් ද සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඇතැම් ගැටළුවලට විසදුම් මෙහිදීම ලබා දී ඇත. අනෙකුත් ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට ඒකාබද්ධ සාකච්ඡාවක් කොළඔදී පැවැත්වීමටද තීරණය කරන ලදි .
     
     මෙම සාකච්ඡාවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය  පේෂල ජයරත්නබණ්ඩාර මහතා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන්ද , පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ
     
     AP/DMU- WK -Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya