ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිපුණතා අභිෂේක සහතිකපත් ප‍්‍රදානෝත්සවය අද වැලිගමදී

    ජූනි 12, 2015
    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟින් මාතර දිස්ත‍්‍රික්කය පුරා විසිරී සිටින ගොඩනැගිලි ඉදිකිරීම් ශිල්පී, විදුලි කාර්මික, ජලනල කාර්මික සහ රූපලාවන්‍ය යන වෘත්තීන්ට අදාළ නිපුණතාවක් ඇති එහෙත් පිළිගත් සහතිකයක් නොමැති ශිල්පීන් ඇගයීමට ලක්කොට ඔවුන්ට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ 03 සහ 04 මට්ටම) ලබා දීම සඳහා වූ ජාතික වැඩසටහනක් ක‍්‍රියාත්මක කළේය. 
     
    මෙම වැඩසටහන හා සම්බන්ධ වූ 2000කට අධික ශිල්පීන් ඇගයීමට ලක් කොට ඇති අතර ඉන් 1301 දෙනෙකු මේ සහතිකපත් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටිති. තෝරා ගත් සහතිකලාභින් 500 දෙනෙකු සඳහා NVQ සහතිකපත‍්‍ර ප‍්‍රදානය කිරීමේ ජාතික නිල උත්සවය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ වැලිගම නගර ශාලාවේ පැවැත්වේ. 
     
    මෙම උත්සවය සඳහා මාතර දිස්ත‍්‍රික් මැති ඇමතිවරුන් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති ආචාර්ය එච්.එල්. ඔබේසේකර සහ උප සභාපති පියතිස්ස ගමගේ යන මහත්වරුන් ද සහභාගි වීමට නියමිතය. 
     
    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මෙම උත්සවය සංවිධානය කරයි.
     
    NDH/TI dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya