කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අභිනව මහ නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් අද (14) සවස 3.00 ට මාතර - වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිත ය.
මේ අවස්ථාවට ප‍්‍රදේශයේ නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, ගිහි ප‍්‍රභූ පිරිස් ඇතුළු දායක දායිකාවන් සහභාගි වීමට නියමිතය.
කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ දක්‍ෂිණ විහාර පාර්ශ්වය විසින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කරනු ලබයි.
kpm/IT_DMU_Mathara



















