ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාත් සභාව නීති විරෝධී මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගනී

    ජූනි 15, 2015

    මේ රටේ සුරාබදු නීති උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර අවලංගු අවලංගු කිරීම සඳහා මුදල් අමාත්‍ය හා අනෙකුත් අධිකාරීන්ට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන ඇති බව උතුරු පළාත් සභා සභාපති, සී.වී.කේ. සිවඥානම් මහතා පවසයි.

     

    උතුරු පළාත් සභාව විසින් මෙම පියවර ගනු ලැබුවේ පසුගිය කාලය තුළ පළාතේ ප්‍රචණ්ඩත්වය හා බිහිසුනු අපරාධ වැඩි වශයෙන් දක්නට ලැබුණු බැවින් හා සුරා සැල් තහනම් හා සමාජ විරෝධී ස්ථාන තුළ පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධව මහජන මතය සලකා බැලීමෙන් බව ඒ මහතා සඳහන් කළේය.

     


    පළාත් සභාව විසින් සම්මත කරගනු ලැබූ මෙම යෝජනාව උතුරු පළාත් සභා සභාපති මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව හා උතුරේ දිස්ත්‍රික්ක පහේ සියලු දිසාපතිවරුන් වෙත ද එම ලිපියේ පිටපත් යවා ඇත.

     

    ීෘෆ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya