ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාරිභෝගික පනත උල්ලංඝනය කරන වෙළෙඳුන් ගැන පැමිණිලි කිරීමට 1977 අමතන්න

    ජූනි 16, 2015

    රට පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මෙම වැඩසටහන මඟින් පාරිභෝගික පනත උල්ලංඝනය කළ කඩ සාප්පු 35කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කර ඇත.

     

    දිවයින පුරා සිදු කළ මෙම මෙහෙයුම්වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම සිදු කෙරේ.

     

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ මෙම මෙහෙයුම් වලදී කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ලැයිස්තු ප්‍රදර්ශනය නොකිරීම හා පාලන මිලෙන් ඔබ්බට භාණ්ඩ විකිණීම වැනි පැමිණිලි මත බොහෝ සුපිරි වෙළඳසැල් පරීක්ෂා කළ බවයි.

     

    ඒ අනුව කඩ සාප්පු 35කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා සඳහන් කළේය.

     

    පාරිභෝගික පනත උල්ලංඝනය කරන වෙළෙඳුන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කිරීමට 1977 යන දුරකතනය අමතන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya