ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කර්ණ සංඛ බද්ධය වයස අවුරුදු පහට පෙර සිදු කරගැනීම ඉතාම සුදුසුයි-විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය

    ජූනි 16, 2015
    කර්ණ සංඛ බද්ධ සැත්කම ප්‍රථමවරට කොළඹ ජාතික රෝහලේ දී නොමිලේ සිදු කිරීමේ පහසුකම් 
    ශ්‍රවණාබාධයෙන් පෙළෙන කුඩා දරුවන්ට සිදු කරන කර්ණ සංඛ බද්ධය( cochlear Implant ) වයස අවුරුදු පහට පෙර සිදු කරගැනීම ඉතාම සුදුසු බව කොළඹ ජතික රෝහලේ, උගුර ,කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.
     
     
    වයස අවුරුදු දෙක මෙම බද්ධ කිරීමට ඉතාම සුදුසුම වයස බව පෙන්වා දෙන වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය,දරුවකු ඉපදුන අවස්ථාවේ දීම කණ ඇසීම පරික්ෂා කරගත යුතු බව පැවසුවාය.
     
    කර්ණ සංඛ බද්ධ සැත්කම ප්‍රථමවරට කොළඹ ජාතික රෝහලේ දී නොමිලේ සිදු කිරීමේ පහසුකම් සැලසීම පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා  අද (16) නාරාහේන්පිට,ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය මේ බව පැවසුවාය.
     
    කර්ණ සංඛ බද්ධය ඉතම මිල අධිකයි. එය ලක්ෂ 25ක් පමණ විය වන සැත්කමක්. මේ සැත්කම් කරන්න පටන් ගත්තේ වසර 2007 දී. මේ වනවිට මෙම සැත්කම් 128ක් පමණ සිදු කර තිබෙනවා.මේ කර්ණ සංඛ බද්ධය රටට වැඩදායි පුද්ගලයන්ට ඉතාම වැදගත්.
     
    මොළේ උණ,පිළිකා ඖෂධ,ක්ෂය රෝගයට ලබාදෙන ඖෂධ බැක්ටීරියා හා වෛරස් ආසාදන නිසා ශ්‍රවණාබාධ ඇතිවිය හැකියි. උපතින් ම කණ උත්තේජනය සිදු වී නොමැති අය ට මෙම සැත්කම සිදු කිරීම සාර්ථක නෑ.
     
    ශ්‍රවණාබාධ තිබෙන සියලු දෙනාට ම කර්ණ සංඛ සැත්කම කළ යුතු නෑ. ඒ සඳහා පර්යේෂණ සිදු කර ඉන් පසුව මේ සැත්කම කළ යුතුනම් පමණයි  සැත්කම කරන්නේ.මෙහි ඇති වැදගත්කම වන්නේ සැත්කම කිරීමෙන් අනතුරුව කථන හා ශ්‍රවණ පුහුණුවීම සිදු කිරීම. එය දීර්ඝ කලයක් කළ යුතුයි. කුඩා දරුවන්ට නම් තම දෙමව්පියන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා මෙම පුනරුත්ථාපන කටයුතුවල දී.
     
    මෙහිදී අඳහස් දැක්වූ උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභපති වෛද්‍ය ශාන්ත පෙරේරා මහතා පෙන්වා දුන්නේ,කම්මුල්ගාය,සරම්ප ,මොළේ උණ වැනිරෝග හේතුවෙන් කණ ඇසීමට බලපෑම් කරන බවය. ඒ නිසා ළඟ ඇති උගුර,කණ පිළිබඳ වෛද්‍යවරු හමුවී ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවද  වෛද්‍ය ශාන්ත පෙරේරා මහතා පැවසී ය.
     
    ශ්‍රී ලංකාවේ වසරකට දරුවන් 400ක් පමණ ශ්‍රවණාබාධ සහිතව උපදිනවා.මේ වනවිට උපත සිදුවන අවස්ථාවේ දීම ශ්‍රවණ  පරික්ෂා කිරීම සිදු වෙනවා.ලංකාව පුරා දක්ෂ වෛද්‍යවරු සිටිනවා.තමන්ට හෝ තමන්ගේ දරුවන්ට ශ්‍රවනාබාධ තිබෙන බව ඇතැම් අය පිළිගන්න කැමති නෑ. ශ්‍රවණ උපකරණ පලදින්නට කැමති නෑ. මේ වනවිට බිහිරිභාවය වළකීමෙ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කර තිබෙනවා.
     
     ජනමාධ්‍යයට අඳහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය සඳහන් කළේ;ගැහැණු දරුවන් රුබෙල්ලා එන්නත අනිවාර්යෙන් ම ලබාගත යුතු බවය.එමෙන් ම ලේ නෑයන් අතර විවාහයේ දී ශ්‍රවණාබාධ සහිත දරුවන් බිහිවීමේ ඉඩකඩ වැඩියි. දරුවන් බිහිකිරීමට ප්‍රථම කාන්තාවන් විසින් කෝලික් අම්ලය ගත යුතු බවත් දරුවා ඉපදුන පසු දරුවාගේ ඇසීම පරික්ෂා කරගත යුතු බවද වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය.
     
    කර්ණ සංඛ (Cochler Implant )සැත්කම සඳහා අධික වියදමක් යන බැවින් ඒ සඳහා උදව් කිරීමට කැමැති දානපතින් හෝ පරිත්‍යාගශීලීන් සිටී නම්, ශ්‍රවණාබාධ සහිතවූවන්ට උපකාර කළ හැකි බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය. උපකර කිරීම කැමැති අය වෙතොත් දුරකතන අංක 0114933764 අමතන ලෙස ද ඉල්ලීමක් කළාය.
     
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වූවාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya