ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිමාලි ලියනආරච්චි මෙනෙවිය වෙනුවෙන් උපහාර උළෙලක්

    ජූනි 16, 2015
     
    දකුණු ආසියානු මලල ක්‍රිඩා උළෙලේදී  මීටර් 800 තරඟයෙන් ලෝකඩ පදක්කම දිනාගත් සුරියවැව  නිමාලි ලියන ආරචිචි මෙනෙවිය වෙනුවෙන් උපහාර උ‍ළෙලක් පසුගියදා සුරියවැව නමඩගස්වැව විදුහලේදී පැවැත්විණි.
    සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  සුරියවැව ප්‍රාදේශීය ලේකම් නාමල් ලියනගේ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් නිමාලි ලියන ආරච්චි මෙනෙවිය පිලිගෙන ඉන් අනතුරුව රිය පෙරහැරකින්   හ/නමඩගස්වැව විදුහල වෙත කැදවා ගෙන යන ලදී.  
     
    එහිදී විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය  හා සිසු සිසුවියන් විසින් නිමාලි ලියනආරච්චි මෙනෙවිය හා ඇයගේ පුහුණුකරුවන සුජිත් අබේසේකර මහතා පිලිගැනීමෙන් අනතුරුව  විදුහලේ ශ්‍රවණාගාරය වෙත කැදවා ගෙන ගියහ. 
     
    මෙම උපහාර උත්සවයේදී අදහස් දැක්වු  නිමාලි ලියනආරච්චි මෙනෙවිය මට මගේ රටේ කොඩිය එදා චීනයේදී ඔසවන්න ඕන වුණා. මගේ ජාතික ගීය ගායනා කරන්න ඕන වුනා. මොකද විදේශ රටවල් තමන්ගේ ජයග්‍රහණය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලාංචන පිරිනමන විට එම රටේ කොඩිය  රැ‍ගෙන ‍ගොස්  ඒ රටේ ජාතික ගීය ගායන‍ කරමින් තමයි එම පදක්කම් ලබා ගත්තේ. ඒ නිසා මම දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කලා ජයග්‍රහණයක් ලබා ගන්න.  මේ නිසා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වුණා යැයි නිමාලි ලියන ආරච්චි මෙනෙවිය පැවසීය. 
     
    මෙහිදී අදහස් දැක්වු විදුහල්පති ජී.ඒ. අනුර මහතා  ඇය මේ ක්‍රිඩාවට එන්නේ සුරිය වැව වැනි දුෂ්කර ප්‍රදේශයක සිටයි. මේ වගේ ජයග්‍රහණ ලැබු විට ඔවුන් තවතවත් දිරිමත් කරන්න කටයුතු කල යුතු  බව පැවසීය.
     
    මෙහිදි නිමාලි ලියන ආරචිචි මෙ‍නෙවියගේ ජයග්‍රහණය  අගැයීම 
    වෙනුවෙන් තිලිණයක් හා පුහුණුකරුවු සුජිත් අබේසේකර මහතාගේ සේවය අගැයීම වෙනුවෙන් තිළිණයක්ද පිරිනැමිණි. 
     
    AP/JP - DMU -Hambanthota
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya