ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පානදුර රෝහල නවීකරණයට රුපියල් බිලියන 16 ක්

    ජූනි 18, 2015
     
     
    කළුතර දිස්ත්‍රික්කයේ  පානදුර මුලික රෝහල රුපියල්  බිලියන 16 ක වියදමින් නවීකරණය කෙරේ
    නවීන තාක්ෂණයෙන් යුත් අංග සම්පුර්ණ ශල්‍යාලාරයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වාට්ටු සංකිර්ණයක්, බාහිර ප්‍රතිකාර ඒකකයක් ඇතුළු අංශ කිහිපයක් මේ යටතේ ඉදිකෙරේ. 
     
    කළුතර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත රෝහල් නවීන රෝහල් බවට පත් කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන යන වැඩ සටහන යටතේ මෙම රෝහල නවීකරණය  කෙරේ.
     
    සෞඛ්‍ය අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ ජර්මනියේ ජී.ටී.ඊ.සී  ආයතනය විසින් මෙම ඉදි කිරීම් සිදු කරන අතර ඊට අදාළ මුලික කටයුතු දැනටමත් අවසන් කර ඇත.
     
    මෙම රෝහල නවීකරණය මගින් දකුණු කොළඹ මහ රෝහල තුල පවතින අධික රෝගීන්ගේ තදබදය අවම වනු ඇතැයිද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 
     
    AP/DMU - Kalutara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya