ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාංශු සංරක්ෂණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

    ජූනි 21, 2015
    පස ආරක්ෂා කිරීමේ ජාතික අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාංශු සංරක්ෂණ පනත බල ගැන්වීම හා ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍ර‍මුඛ කාර්යභාරය වී ඇත්තේ පනතෙ හි නෛතික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය ලබාදීමයි.
     
     
    විශේෂයෙන් මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත් තුළ ඇති සංරක්ෂණ කලාපය ආවරණය කරමින් මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල පාංශු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර මේ සඳහා පළාත් පාලන ආයතන දායකත්වය සපයනු ඇත.
     
    මේ වර්ෂයේදී ක්‍රියාත්මක වන වැඩසටහන් අතර නව ආදර්ශන 50ක් සමඟ ප්‍රදේශීය මට්ටමින් පාංශු සංරක්ෂණ ආදර්ශන පිහිටුවීම, දිස්ත්‍රික් නියෝජනය වන පරිදි ක්ෂුද්‍ර ජලාධාර මට්ටමින් පාංශු සංරක්ෂණ ආදර්ශන පිහිටුවීම, පිහිටුවන ලද ආදර්ශන නඩත්තු කිරීම,  රාජ්‍ය ආයතන නිලධාරීන් හා මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පුහුණු ප්‍ර‍වර්ධන වැඩසටහන් පැවැත්වීම, මාර්ග දෙපස දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, පාංශු සංරක්ෂණය ප්‍ර‍වර්ධනය සඳහා විවිධ තරග සංවිධානය කිරීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක වේ. පාංශු සංරක්ෂණය කෙරෙහි ජනතාව නැඹුරු කිරීම, පාංශු සංරක්ෂණ ක්‍ර‍මවේද ජනතාව අතර ප්‍ර‍චලිත කිරීමත් අපේක්ෂා කරයි. 
     
    අනාගත පරපුර උදෙසා පස සුරැකීමේ වගකීමට උරදෙමින්, පාංශු සංරක්ෂණය සිදුකරමින් වගා කටයුතුවල නිරතවන ජනතාව දක්වන දායකත්වය අගය කරන අතරම ඒ සඳහා  අවශ්‍ය නිසි මගපෙන්වීම සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය නිරතුරුවම ඇපකැපවී සිටින බව එම අමාත්‍යාංශය පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya