ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික වී වගා ක්‍ර‍ම ප්‍ර‍චලිත කිරීම මඟින් අනාගත සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීම අරමුණයි

    ජූනි 18, 2015
    අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීම සඳහා දේශීය වී වගා ක්‍ර‍ම ප්‍ර‍චලිත කළයුතු බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන 800ක ලේකම්වරුන් සහ සාමාජික නිලධාරීන් ඇතුළු පිරිසක් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේදී පවත්වන ලද ගොවි හමුවේදී අමාත්‍යවරයා පසුගියදා පැවසීය.
     
    මෙහිදී අමාත්‍යතුමා පැවසුවේ, කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක පාරම්පරික වී වර්ග වගා කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 10,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර සහ ඒ සඳහා අවශ්‍ය යෙදවුම් සහ කෘෂි උපදෙස් ලබාදීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට පියවර ගන්නා බවයි.
     
    එම නිසා රසායනික පොහොර භාවිතයෙන් සිදුවන්නා වූ ලෙඩරෝග සඳහා ගොවීන් ගොදුරු නොවන බවත් එමෙන්ම දේශීය සහල් පරිභෝජනය මඟින් නිරෝගී පරපුරක් බිහිකළ හැකි වන වා සේම එම අස්වැන්න විකිණිමෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    එසේම ඉදිරියේ දී  ඒ ඒ ප්‍රදේශයන් හි දේශගුණය, භූමිය සහ නිෂ්පාදනයන් අවශ්‍ය වන ප්‍ර‍මාණය සලකා බලා එම සාධකයන්ට උචිත වන ආකාරයේ බෝග වර්ග ඒ ඒ ප්‍රදේශයන් හි වගා කිරීමට අවශ්‍ය ක්‍ර‍මවේදයන් සකස්කළ යුතුයි. වී වගාවේ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පැරෂුට් වැනි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ගොවීන් අතර ප්‍ර‍චලිත කිරීම අවශ්‍යයි. තමන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු ගෙවත්තේදීම වගා කළ හැකි ගෙවතු වගා ක්‍ර‍ම හුවමාරු බෝග වර්ග ප්‍ර‍වර්ධන කිරීම යනාදී ඉලක්කයන් සපුරා 2025 වන විට සියලු බෝග වර්ගවලින් අපේ රට ස්වයංපෝෂිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලික අරමුණයි. ඒ සඳහා අවශ්‍ය ඉදිරි වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
     
    ගම්මිරිස්, කහ, ඉඟුරු යනාදී බෝග වර්ග වගාකිරීමේ නවීන ක්‍ර‍ම පිළිබඳ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොවියන් දැනුවත් කර එම වගාවන් දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් එමඟින් රටේ ආර්ථික ශක්තිමත් කිරීමටත් දේශීය ගොවියා රැකගැනීමට හැකි වන බවත් අමාත්‍යතුමා ප්‍ර‍කාශ කළේය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya