ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග සංවර්ධනයට මැතිවරණ කොට්ඨාසයකට ලක්ෂ 300ක්

    ජූනි 19, 2015
    ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 300බැගින් ලබාදීමට කටයුතු කරන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, එහිදී සාකච්ඡාවට ගැනුණු විෂය පථයන්ට අදාළ අමාත්‍යංශයන් හි ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගිවී සිටියහ.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කොට ඇති ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන හරහා ප්‍රජා මූල්‍ය සංවර්ධන සංවිධාන හරහා තෝරාගත් ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතියෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක් වී ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
     
    අතරමග නතර වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් මහාමාර්ග අමාත්‍යංශය මගින් අවශ්‍යතාවය මත සලකා ක්‍රියාත්මක කරන බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එහි අරමුණ වන්නේ ගමේ ආර්ථිකය නගරය හා සම්බන්ධ කිරීමේ අරමුණින් බවත් පෙන්වා දුනි.
     
    ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර නොකරන බවට ගෙන යන ප්‍රකාශයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ සියලු ව්‍යාපෘතීන් හි ගිවිසුම් අත්සන් කොට ඇති ක්‍රමවේදයන් හි ගැටලු පවතින බවත් එවා නිරාකරණය කිරීමෙන් අනතුරුව රටට වන පාඩුව අවම කරමින් ක්‍රියාත්මක කරන බවත් කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසීය.
     
    පසුගිය පාලන සමයේ දී නිසි අනුමැතියකින් තොර ව ආරම්භ කොට තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් අභියෝගයක් වූ බවත් ඒ හරහා මහජනතාව අපහසුතාවයට පත් වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම සියලු ව්‍යාපෘතීන් දේශීය ණය ක්‍රමයක් හරහා දේශීය කොන්ත්‍රාත්කරුවන් මාර්ගයෙන් ඉටුකරවා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya