ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවුවන්ට ඉඩම් ලබාදීමට පියවර ගැනේ

    ජූනි 20, 2015
     
     
    මොරගහකන්ද කලුගඟ ව්‍යාපෘතිය නිසා  ඉඩම් අහිමිවන පවුල් අතරින් දකුණු ඉවුර අනු පවුල් 14 ක්  සඳහා කඩිනමින් ඉඩම් ලබා දීමට කටයුතු කරන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා උපදෙස් දී ඇත. 
    ඒ මහතා මෙසේ උපදෙස් දුන්නේ  ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් පසුගියදා  මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවේදීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා  මෙම ගැටළුවට මැදිවු සියළුම  පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට නව යෝජනා සහිත කැබිනට් පත්‍රිකාවක් සුදානම් කර ඇති බවත් ඒ සඳහා  අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව විධිමත් සමීක්ෂණයක් කර  සුදුසු ඉඩම් හඳුනාගෙන කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවන පරිදි ඉඩම් බෙදා දීමට කටයුතු කරන බවද පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු මහවැලි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක මහතා පැවසුයේ එම ප්‍ර‍දේශවලින් ලබාදෙන ඉඩම් වලට අමතරව නාවුල, ඕපල්ගලවත්ත, මැදිරිගිරිය යන ප්‍ර‍දේශවලින් ඉඩම් ලබා දීම‍ට යෝජනාවී ඇති නමුත් ඇතැම් පවුල් මෙම ප්‍ර‍දේශවලට යාමට කැමැත්තක්නොදක්වන බැවින් ගැටළු මතුවී ඇති බවයි. 
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya