ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    චීනයේ ණය සහ ආයෝජන සංවර්ධනයට ඉතා වැදගත්

    ජූනි 22, 2015
    චීනයේ ණය සහ ආයෝජන ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉතා තීරණාත්මක ව වැදගත් වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.
     
    2009 වසරේදී යුද්ධය නිමවීමෙන් පසු යළි ඉදි කිරීම්වලදී චීනය වැදගත් කාර්යභාරයක්  ඉටු කළ බ‍ව චමල් රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් පැවසීය.
     
    කතානායකවරයා මේ බව පැවසුවේ, චීනයේ ASIA PACIFIC DAILY පුවත්පත සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවක‍ට එක් වෙමිනි.
     
    යුද්ධය නිමාවීමෙන් පසු චීනයෙන් ලැබුණ ණය සහ ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ගිය අතර ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන බ‍වද හෙතෙම කීය.
     
    චීනය ලබා දුන් සහයෝග‍ය සමස්ත ශ්‍රී ලාංකේයන්ට ම ප්‍රතිලාභ ගෙන දුන් බවද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් එහිදී පැවසීය. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අඛණ්ඩව ශක්තිමත් ව පවතිනු ඇති බවද පැවසු කතානායකවරයා තවදුරටත් පැවසුවේ, චීන ජනාධිපති xi jinping මහතා ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයෙන් පසු චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බවයි.
     
    kpm/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya