ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "ජාතික නිවාස දිනය" මෙරට නිවාස සංවර්ධනයේ නිම්වළලු පුළුල් කිරීමක්

    ජූනි 22, 2015
    "ජාතික නිවාස දිනය" මෙරට නිවාස සංවර්ධනයේ නිම්වළලු පුළුල් කිරීමක් බවත් නිවාස සංවර්ධනය පිළිබඳ ව අලුතින් සිතන්නට ලැබෙන උත්තේජනයක් බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දින සැමට සෙවණ වැඩසටහන යටතේ සූරියවැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 221කට රුපියල් 100,000බැගින් සහන පොලී නිවාස ණය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    "අපේ රටේ නිවාස සංවර්ධනයේ ස්වර්ණමය යුගය හැටියට අවිවාදයෙන් පිළිගනු ලබන්නේ 1977 - 1994 අතර වකවානුවයි. ඊට සක්‍රීය ව දායක වූ පිරිස් තවමත් අප අතර සිටිනවා. නිවාස ලක්ෂයේ, දස ලක්ෂයේ සහ පහළොස් ලක්ෂයේ වැඩසටහන් මගින් සමාජයේ විවිධ මට්ටම්වල ජීවත්වන පුද්ගලයන්ට ඔවුන්ගේ ජාතිය, ආගම, පන්තිය තරාතිරම නොබලා තමන්ගේ ම යැයි කිව හැකි නිවසක් උරුම කර ගන්නට පිටිවහලක් ලැබුණා. නිවසක හිමිකාරිත්වය ඇති ව ආත්ම අභිමානයෙන් යුතු ව ජීවත් වන්නට එයින් පරිසරය නිර්මාණය වුණා".
     
    "ජනවාරි 08දා බලයට පත් වූ යහපාලන රජය යටතේ අප නිවාස සංවර්ධනයේ නව මානයන්ට අවතීර්ණ වුණා. එහි පළමුවැන්න සැමට සෙවණ යටතේ මැතිවරණ කොට්ඨාස මට්ටමින් අඩු ආදායම්ලාභී පවුල් 50,000කට රුපියල් 100,000බැගින් සහන පොලී නිවාස ණය ලබාදී සිය නිවෙස් තනාගැනීමට ඔවුන් දිරිගැන්වීමේ වැඩසටහනයි. එම ණය මුදල් සඳහා අයකරනු ලබන්නේ 3.7%ක් වැනි ඉතා අඩු පොලියක් බවත් එය වසර 10කින් ගෙවා නිම කළ හැකියි. දෙවැනි වැඩසටහන වන්නේ සෙවණ සරණයි. එය ඉතා දිළිඳු පවුල් තෝරාගෙන නැවත අයකරගනු නොලබන රුපියල් 75,000ක නිවාස ආධාරයක් ලෙස ලබාදෙනවා. තුන්වැනි වැඩසටහන උදාගමින් උදාගමට යනුවෙන් හඳුන්වා තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලයේ සහ ඊට පසු රජයන් යටතේ ආරම්භ වී මේ වන විට ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමේ පවතින නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා එම නිවෙස්වල පදිංචිකරුවන්ට ණය ලබාදීම ඒ යටතේ සිදු වේ".
     
    ජුනි 23දායින් පසු ඇරඹෙන නිවාස සංවර්ධනයේ විප්ලවීය යුගය මේ රටේ පුරවැසියන් අතර පවතින පරතරය, හීනමානය, අසහනය සමනය කර නව බලාපොරොත්තු දැල්වීමට සමත්වනු නොඅනුමාන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya