ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිවාස දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක්

    ජූනි 22, 2015
    ජුනි 23දාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් නිවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි ආරම්භයේ ප්‍රධාන ආගමික වැඩසටහන අද (22) පස්වරුවේ දී කතරගම කිරිවෙහෙර ආලෝක පූජාවෙන් ආරම්භ කෙරේ.
     
    නිවාස සතිය නිමිති කරගෙන පැවැත්වෙන සර්ව ආගමික වතාවත් හෙට (23) දිනයේ දිවයින පුරා පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර නිවාස සතිය හෙට සිට ලබන 29දා දක්වා ක්‍රියාත්මක වේ.
     
    මීට අමතර ව මහනුවර දළඳා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, පොලොන්නරුව ගල්විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, මාළිගාවිල බුදුරුව, දීඝවාපී රජමහා විහාරය, කළුතර බෝධිය, කැලණිය රජමහා විහාරය, රත්නපුර සමන් දේවාලය, මහියංගනය රජ මහා විහාරය, යාපනය නල්ලූර් කෝවිල, ත්‍රිකුණාමලය කෝණේස්වරන් කෝවිල, මන්නාරම මඩු පල්ලිය වැනි පූජනීය ස්ථාන රැසක් කේන්ද්‍ර කරගනිමින් ද සර්ව ආගමික වැඩසටහන් ක්‍රියාවට නැංවේ.
     
    ජාතික නිවාස සතිය තුළ 24දා  කාන්තා දිනය, 25දා යොවුන් දිනය, 26දා ශිල්පීය දිනය, 27දා පාසල් හා ළමා දිනය, 28දා හිමිකම් දිනය සහ 29දා ප්‍රජා දිනය වශයෙන් නම් කොට ඇති අතර ඒ ඒ දිනවලදී විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya