ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සේවා වනිතා ඒකකයෙන් විරු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍යාධාර

    ජූනි 23, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයෙ හි සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ සහ දැනට සේවයේ නියුතු රණ විරු පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යෑමේ අරමුණින් රණ විරු පවුල්වල දරු දැරියන් 80 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උළෙලක් පසුගියදා ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. 
     
    එම ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙලෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගි වූ අතර, 1 වන ශ්‍රේණිය සිට 5 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරනු ලබන ළමුන් සඳහා රුපියල් 15,000 බැගින් ද, 6 වන ශ්‍රේණිය සිට 10 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරනු ලබන ළමුන් සඳහා රුපියල් 20,000 බැගින් සහ 11 වන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනු ලබන ළමුන් සඳහා රුපියල් 25,000 බැගින් ශිෂ්‍යාධාර පිරිනමනු ලැබීය. එම ශිෂ්‍යාධාර මහජන බැංකුවේ ‘සිසු උදාන’ගිණුම යටතේ ආරම්භ කර ඇත.
     
    මෙහිදී මහජන බැංකුව විසින් යුද හමුදා සේවා වනිතා ඒකකයේ මෙම සත්ක්‍රියාව අගයනු වස් ශිෂ්‍යත්වලාභීන් වෙත ශබ්ද කෝෂ, ලෝක සිතියම්, පොත්, බිත්ති ඔරලෝසු, කුඩ, පාසල් බෑග්, වතුර බෝතල් ආදී පාසල් උපකරණ ලබා දෙන ලදී.
     
    සෙබළුන්ගේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ අදිටනින් යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ මෙම සුබසාධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
    මෙම ව්‍යාපෘතිය තුළින් සෙබළුන්ගේ  ආර්ථික තත්ත්වය යහපත් කරවනු වස් මහත් පිටුවහලක් සපයනු ලැබේ. 
     
    මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල රන්වල බලකායෙ හි ජන ගී සහ ජනකලා කේන්ද්‍රයේ ශිෂ්‍යාවන්ගේ රංගනයන් තුළින් වඩාත් වර්ණවත් වූහ. යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් සකස් කළ සුබසාධන ව්‍යාපෘති පිළිබඳව විස්තර කෙරෙන  වාර්තාමය වැඩසටහනක් ද මෙදින ඉදිරිපත් කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සේවා වනිතා ඒකකයේ  ජ්‍යෙෂ්ඨ සාමාජිකාවෝ මෙන්ම දෙමාපියෝ බොහෝ පිරිසක් ද  සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya