ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ ඇමැති වත්තල නව අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කරයි

    ජූනි 26, 2015
    අධිකරණ සංකිර්ණ ඉදිකිරිමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබා දුන් මුදල් හිටපු විෂය භාර අමාත්‍යවරයාගේ කාලයේදි පසුගිය ජනාධිපතිවරණයට යොදවා තිබෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    වත්තල නව අධිකරණ සංකිර්ණයේ ඉදි කිරිම් කටයුතු නිරික්ෂණය සඳහා ඊයේ (25) එහි ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා නිරික්ෂණ චාරිකාවට එක් විය.
     
    අධිකරණ සංකිර්ණ ඉදි කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පසුගිය කාලයේ අධිකරණ අමාත්‍යාංශය  මුදල් ලබා දුන්නා නමුත් ඉදි කිරිම් ඉංජිනේරු සංස්ථාවෙන් දිගින් දිගටම ප‍්‍රමාද කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බැලිමේදී එහි නිලධාරින් ප‍්‍රකාශ කළේ එවකට ඉංජිනේරු සංස්ථාව භාරව කටයුතු කළ හිටපු විෂය භාර අමාත්‍යවරයාගේ  කාලයේදී  පසුගිය ජනාධිපතිවරණයේ වියදම් සඳහා එම මුදල් යොදවා ඇති බවයි.
     
    වත්තල අධිකරණය ඉදි කිරිම සඳහා ඉංජිනේරු සංස්ථාවට ලබා දුන් මුදල්වලින් කොටසක් ද ජනාධිපතිවරණයට යොදවා ඇති බව හෙළි වී තිබෙන බවත් දේශපාලඥයින් මහජන මුදල් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිම හෙළා දැකිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
     වත්තල අධිකරණය සංකීර්ණය කඩිනමින් විවෘත කිරිම සඳහා කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මෙහිදි මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අදහස් දැක්වමින් සඳහන් කළේ අධිකරණ ඉදි කිරීම් වැනි කටයුතු සඳහා වෙන් කළ මුදල් විනාශ කළ පුද්ගලයින් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා විමර්ශනය කර දඩුවම් ලබා දිය යුතු බවයි.
     
    වත්තල අධිකරණ සංකිර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කර දෙන ලෙස ද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය අධිකරණයේ කටයුතු ඉදි කිරීම ප‍්‍රමාද විම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන බව ද සඳහන් කරමිනි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya