ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම ඇරඹේ

    ජූනි 29, 2015
    දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ඇති යාල ජාතික වනෝද්‍යානය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින් ආරම්භ විය. 
     
    එම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රවේශපත් කවුළුවක්, සියලු පහසුකම් සහිත භෝජන ශාලාවක්, සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක්, පානීය ජල ව්‍යාපෘතියක්, එහි සේවක සේවිකාවන්ගේ පහසුව තකා නිවාස සංකීර්ණයක් සහ වැසිකිළි පහසුකම් පළමු අදියර  සඳහා ඇතුළත් වනු ඇත.
     
    මෙම අවස්ථාවට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එස්. රත්නායක, වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ පතිරත්න, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශ අතිරේක ලේකම් කපිල ජයසේකර, අමාත්‍යංශ උපදේශක රොහාන් පෙතියාගොඩ සහ යාල උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්වී සිටියහ.
     
    ඡායාරූප - සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya