ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යල සහ මහ කන්නයට අමතරව අතරමැදි කන්නයකට මහනුවර ගොවින් සූදානමින්

    ජූනි 29, 2015

    අතරමැදි කන්නයක් වගා කිරීමට ගොවි ජනතාවට හැකියාවක් ඇත්නම් වාරිමාර්ග අලුත්වැඩියා කටයුතුවලට බාධාවක් නොවන පරිදි ඒ සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය ලබා දිය හැකි බව මහනුවර දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා පවසයි. 

     
    අතරමැදි කන්නයක් වගා කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගත් දිසාපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවති කමිටුව රැස්වීමට එක්වෙමිනි.
     
    මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ කෘෂිකාර්මික කටයුතු සඳහා උචිත යහපත් කාලගුණික සහ දේශගුණික තත්ත්වයක් පවතී. එබැවින් වාරි ජලාශවල ජල මට්ටම්ද සැලකිය යුතු මට්ටමක පවතී. එම තත්ත්වය  හමුවේ යල සහ මහ කන්නයට අතරමැද කන්නයක් පහසුවෙන් වගා කළ හැකි බව ගොවි සංවිධාන පෙන්වා දෙයි. නමුත් යල සහ මහ යන කන්න දෙකට අතරමැදි කාලයේදී ඇතැම් වාරිමාර්ග යෝජනා ක්‍රමවල රොන්මඩ ඉවත් කිරීම ඇතුළු තවත් අලුත්වැඩියා කටයුතු සිදු වේ. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරයට ජලය ලබා දෙන මිනිපේ ඇළ ද මෙවර විශාල අලුත්වැඩියා කිරීමකට පත්කිරීමට නියමිතය.
     
    එබැවින් මිනිපේ ව්‍යාපාරයේ හැර අනෙකුත් ගොවි ජනපද ව්‍යාපාරවල ගොවි ජනයා අතරමැද කන්නයක් වගා කරන්නේ නම් ඊට කිසිදු වි‍රෝධයක් නොමැති බව පෙන්වා දුන් දිසාපතිවරයා එය ධනාත්මක ආකල්පයක් බවත් පැවසීය. එබැවින් අතරමැදි කන්නයක් වගා කිරීමට අපේක්ෂා කරන ගොවි මහතුන් ඒ පිළිබඳ වාරිමාර්ග ඉංජිනේරුවරයාගෙන් උපදෙස් ලබා ගෙන කන්න රැස්වීමේදී නැවත සාකච්ඡා කොට වගා කටයුතු සාර්ථක කර ගන්නා ලෙස ඔහු විසින් දැනුම් දෙන ලදී. 
     
    මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණි මුණසිංහ මහතා සහ දිස්ත්‍රික් කෘෂිකරම් අධ්‍යක්ෂ ආචාර්ය කැටිපේආරච්චි මහතා ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH/dmu_Kandy

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya