ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වන සත්ව ප්‍රහාරවලින් වැළැකීමට මහජනතාව දැනුවත් කෙරේ

    ජූනි 29, 2015
    බඹර හා දිවියන්ගේ ප්‍රහාරවලින් වැළකිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් මස්කෙළිය පොලිස් බල ප්‍රදේශය තුළ දී පවත්වන ලදී. මෙම වැඩසටහන මස්කෙළිය පොලිසියේ අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදිණි.
     
    මේ වැඩමුළුව හැටන් ප්‍ර දේශය භාර පොලිස් අධිකාරී සමන් යටවර මහතාගේ උපදෙස් පරිදි මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා විසින් සංවිධානය කරන ලද අතර එය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපයෝගී කොටගෙන පැවැත්විණි.
     
    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ නයන විජේතිලක මහතා, ග්‍රාමසේවා කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්, නල්ලතන්නිය හා ශ්‍රී පාද වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීහු මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya