ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල අලපලාවල පාලම ජනතා අයිතියට

    ජූනි 30, 2015
    කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ අති දුෂ්කර ගම් රැසක් නගර සහ උප නගර හා යා කරමින් ඉදිකළ අලපලාවල පාලම පසුගියදා සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    මේ සඳහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 98ක් වැය කර ඇත. අලපලාවල පාලමට අමතරව සබරගමුව පළාත් සභා ප්‍රතිපාදන වැය කර අලපලාවල දංදෙනිය මාර්ගය ද පුළුල් කර සංවර්ධනය කර ඇත. 
     
    අලපලාව දංදෙනිය මාර්ගය හරහා මෙම පාලම ඉදි කර ඇත. අලපලාවල පාලම ඉදිවීමට පෙර ප්‍රදේශවාසීන් ගමන් ගත්තේ අඩි 3ක් පමණ පළලකින් යුත් අනතුරුදායක කුඩා පාලමකිනි. මෙම පාලම ඉදිවීමත් සමග ඇරෑගම, පාරබේ, නිල්වාන, දම්සැල්ගොඩ, බොස් ඇල්ල, දංදෙනිය ඇතුලු ගම්මාන රැසක ජනතාවට සෙත සැලසේ.
     
    මෙම අවස්ථාවට කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සබරගමු පළාත් සභා මන්ත්‍රී තාරක බාලසූරිය, කෘෂිකර්ම අමාත්‍යංශ සම්බන්ධීකරණ ලේකම් රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya