ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රඹුක්කන තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 03ක් සිසු අයිතියට

    ජූලි 02, 2015
    රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ පාසල් පදනම් කරගනිමින් රජය මගින් රුපියල් ලක්ෂ 450ක් වැය කරමින් ඉදිකළ නව තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 03ක් පසුගිය දා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණි.
     
    ඒ අනුව රඹුක්කන බැද්දවෙල මහා විද්‍යාලය, පරාක්‍රම මහා විද්‍යාලය හා දැලිවල මහා විද්‍යාලයන්හි ඉදිකරන ලද තොරතුරු තාක්ෂණ විද්‍යාගාර මෙලෙස සිසු අයිතියට පවරා ඇත.
     
    මෙම එක් තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 150ක් පමණ මුදලක් වැය කර ඇත.
     
    මෙම විද්‍යාගාර ජීව හා රසායනාගාර විද්‍යාගාර, භෞතික විද්‍යා විද්‍යාගාර, ගණිතාගාර, භාෂා විද්‍යාගාර සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයන්ගෙන් ද සමන්විතව ඉදිකර ඇත.
     
    එම විද්‍යාගාර සඳහා පරිගණක පද්ධති, අන්තර්ජාල පහසුකම්, විද්‍යාගාර උපකරණ ද රජය විසින් සපයා ඇත.
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya