ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රන් දළු මහිම තේ ප්‍රදර්ශනය හා වැඩමුළුව සාර්ථකයි

    ජූලි 04, 2015
    තේ කර්මාන්තයේ පදනම වන කුඩා තේ වතු හිමියන් ඇතුළු නිෂ්පාදකයාගේ අස්වනු ඵලදායිතාව ඉහළ දැමීමේ සිට අවසන් නිෂ්පාදනයේ පිරිවැය හා ගුණාත්වය දක්වා විශේෂ අවධානයක් යොමු කිරීමේ අරමුණ ඇතිව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන්නට යෙදුණු රන්දළු මහිම තේ ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගිය දෙදිනක් පුරා ගාල්ල "හෝල් දී ගෝල්" හි දී පැවැත්විණි.
     
    තේ කර්මාන්තයේ නිෂ්පාදනය, සැකසුම් ක්‍රියාවලිය, අලෙවිය පිළිබඳ ව දැනුවත් කරමින් තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන්නට යෙදුණු මෙම ප්‍රදර්ශනය සඳහා බොහෝ පිරිස් සහභාගි වී සිටි අතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ සහභාගිත්වය ද හිමි විය.
     
    තේ කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් වැඩසටහන් ගණනාවක් දියත් කර ඇතත් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ප්‍රජාව දැඩි උනන්දුවක් නොගැනීමේ ප්‍රශ්නය අවබෝධ කොටගෙන දිස්ත්‍රික්කයක් වශයෙන් උපරිම දායකත්වය ලබා දීම මෙහි අරමුණයි.‍
     
    මෙම ප්‍රදර්ශන භූමිය තුළ කුඩා තේ වතු හිමියන්, තේ කම්හල් හිමියන්, තේ නිෂ්පාදකයන්, අලෙවිකරුවන් ඇතුලු සියලු පාර්ශව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු හා විශේෂ ප්‍රදර්ශන කුටි පැවති අතර පාසල් ළමුන් සහ විදේශිකයන් ද සහභාගිවීම විශේෂත්වයකි.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya