ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඡන්දදායකයාගේ දිනය පිළිබදව පාසල් දරුවන් දැනුම්වත් වීම මෙම වැඩසටහනෙන් සිදුවුණා

    ජූලි 05, 2015

    ඡන්දදායකයාගේ දිනය පදනම් කර ගෙන පාසල් සිසුන් අතර මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් සිසුන්ට ඡන්දදායකයින්ගේ දිනය පිළිබඳව හැදෑරිමට හැකි වීමත් ඔවුන්ට නැති අයිතියක් පිළිබඳව දැනුවත් වීමත් ඉතා වැදගත් බව මාතලේ දිස්ත්‍රික් මහ ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.

     

    දිසාපතිවරයා  මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය ජූනි 01 දිනට යෙදුණ ඡන්දදායකයින්ගේ දිනයට සමඟාමීව මාතලේ සෙරින්කෝ හෝටල් ශ්‍රවණාගාරයේදී පසුගියදා (03) පැවති මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැති චිත්‍ර හා රචනා තරගයේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.

     

    වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අපි පුංචි කාලයේ අප ලබා ගත් ජයග්‍රහණ මෙම තනතුරුවල ඒමට හේතු වූ බවත් අද ඔබ පාසල් සිසුන් වශයෙන් මෙවැනි විෂය බාහිර ක්‍රියාකරකම්වලට සම්බන්ධ වීම තුළින් අනාගතයේ පරමාදර්ශ පුද්ගලයින් ලෙස රටට වැඩදායක සේවයක් කිරීමට හැකි වන බවත් අපේ ජිවිතය දැන් තීරණය වී අවසන් ඇති බවත් ඔබගේ ජිවිතය තවමත් තීරණය වී නොමැති අතර ඔබ මොන ක්ෂේත්‍රයේ දක්ෂයින් වී රටට දැයට වැඩදායී පුද්ගලයින් වන්නේ ද යන්න තීරණය වන්නේ මෙවැනි දක්ෂකම් තුළින් බවත් පැවසීය.

     

    “අද ලෝකය විශ්ව ගම්මානයක් වෙලා. ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග දැනුම් ලබා ගැනිමට ඇති අවස්ථා වැඩි වෙලා තිබෙනවා. ඒ තුළින් දරුවන්ගේ දැනුම පුළුල් වෙනවා. පාසල් සිසු දරුවන් මේ වැඩසටහන්වලට සම්බන්ධ කිරිම පිළිබදව පාසල් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා.“යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් ද ගුරුවරුන් සහ පාසල් සිසුන් රැසක් සහභාගි වූහ.

     

    SDF/dmu_Mathale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya