ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ස්විට්සර්ලන්තයේ “Brighter Life” පදනමෙන් ශ‍්‍රී ලංකාවේ රෝහල් සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන්

    ජූලි 08, 2015

    ස්විට්සර්ලන්තයේ  “Brighter Life” පදනමෙන් ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තවත් ගුණාත්මක අයුරින් ජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර  රුපියල් මිලියන 42ක වටිනාකමකින් යුත් දැඩි සත්කාරක සේවාවන් සඳහා යොදාගන්නා ඇඳන් සහ සාමාන්‍ය ඇඳන් 72ක් ලබාදීම අද (08) සිදු කෙරිණි.

     
    එම පදනමේ සභාපති රැඩොල්ෆ් ඇල්බට් මහතා විසින්  එම පරිත්‍යගය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංකේතවත් ලෙස බාරදෙන ලදී. එම පරිත්‍යාග කරන ලද ඇඳන් 72 වෛද්‍ය සැපයුම් අංශයේ වැල්ලවත්ත ගබඩාව වෙත මේ වනවිටත් ලබාදීමට පියවර ගෙන ඇත.
     
     
    එම පදනමේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරන්න මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ලැබීම ගැන තමා සතුටු වන බවත් ඉදිරියටත් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තම පදනමේ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය. 
     
     
    රුපියල් මිලියන 42ක පමණ වටිනාකමකින් යුත් රෝගී ප‍්‍රතිකාර සේවාවන් සඳහා යොදාගන්නා ඇඳන් අවම භෞතික සම්පත්වලින් රෝගී ප‍්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල්වල ප‍්‍රතිකාර ලබන ජනතාව වෙනුවෙන් හැකි ඉක්මණින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අදාළ අංශ වෙත දැනුම්දෙන  බවත්, මෙවැනි පරිත්‍යාග තුළින් අප රට තුළ ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් ශක්තිමත් කිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya