ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උරුමය පිළිබඳ පාසල් සිසුන්ට ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක්

    ජූලි 10, 2015
    සංස්කෘතික කටයුතු  රාජ්‍ය අමාත්‍යංශයේ උරුම අංශය මගින්  දීප ව්‍යාප්ථව  ක්‍රියාත්මක කරනු ලබන “දැයේ උරුමය දරුවන්ටයි ” වැඩසටහනට  සමගාමිව  පාසල්  සිසුන්  සඳහා  නේවාසික  දෙ දින පුහුණු  වැඩමුළුවක් 16 සහ 17  දෙ දින  පොලොන්නරුව පූජා නගරය හා  මින්නේරිය කාලතුවක්කු  රෙජිමේන්තු  පුහුණු  පාසලේ දී  පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    පොලොන්නරුව  හා දිඹුලාගල  අධ්‍යාපන කලාපයන්හි  සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත  මෙම වැඩසටහනේ දී පුරාවිද්‍යා කැණිමක් සිදුකිරීම, පුරාවස්තු හඳුනාගැනීම, රසායනික ක්‍රම ඇසුරින්  ඉපරැණි  චිත්‍ර හා මූර්ති සංරක්ෂණය, ලේඛන සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමට කටයුතු කෙරේ. 
     
    අපේ ජාතික උරුමයන්හි අගය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් දේශන දෙකක් පැවැත්වීමට නියමිත අතර  අපේ රටේ අස්පර්ශනීය උරුමය පිළිබඳව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා  විසින් සිදු කරන විශේෂ දේශනයකින් ද මෙම වැඩසටහන සමන්විත වේ. 
     
    සංස්කෘතික කටයුතු  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත උරුම අංශය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ  ප්‍රධාන අරමුණ  ශ්‍රී ලාංකීය ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීම, ජාතික උරුමයන් පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යපනයට අවශ්‍ය දැනුම ලබා දීමයි.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya