ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අධිවේගී මාර්ග ඉදිකිරීම කඩිනම් කිරීමට සැලසුම්

    ජූලි 12, 2015
    මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකර නිම කිරීම රටේ ආර්ථික සංවර්ධනයෙහි ලා ඉතා වැදගත් වන හෙයින් අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග ප්‍රමාණය කොටස් හතරකට බෙදා ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
     ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ පරිදි මෙම කටයුතු ක්‍රියාත්මක වෙයි.
     
    ඒ අනුව,
     
    පළමු කොටස- කඩවත සිට මීරිගම දක්වා - චීන එක්සීම් බැංකුවෙන් සැපයෙන ණය ආධාර මත,
    දෙවන කොටස- මීරිගම සිට කුරුණෑගල දක්වා ( අඹේපුස්ස සම්බන්ධතාව ද ඇතුළත්ව ) ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ණය ආධාර මත.
    තුන්වන කොටස- පොතුහැර සිට මහනුවර දක්වා- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් සපයනු ලබන ණය ආධාර.
     හතරවන කොටස - කුරුණෑගල සිට දඹුල්ල දක්වා- දේශීය බැදුම්කර නිකුතුවක් තුළින් රැස් කෙරෙන අරමුදල් යොද ගනිමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින්.
     
    ඉහත පරිදි ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම පිණිස අවශ්‍ය ප්‍රසම්පාදන කමිටු, සාකච්ඡා සම්මුති කමිටු,ණය පිළිබඳ සාකච්ඡා කමිටු ආදිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ මත භාණ්ඩාගාරය විසින් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය දා ලැබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya