ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පෙර පාසල් දරුවන්ගේ පෝෂණය නංවන්න දැනුවත් කිරීමේ වැඩ සටහනක්

    ජූලි 15, 2015

    පාරම්පරික ගුණාත්මක ආහාර ක්‍රමවේද අතහැරීම නිසා වත්මන් ළමා පරපුරේ පෝෂණය පහළ මට්ටමකට පැමිණ ඇතැයි, අනුරාධපුර දිස්ත්‍රික් ‍ලේකම් ඩී.පි.ජි. කුමාරසිරි මහතා පැවසී ය. 

     
    ඒ මහතා මේ අදහස් පළකලේ, පෙර පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීම පිළිබදව නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමිනි.
     
     
    අනවශ්‍ය අවශ්‍යතා පසුපස හඹා යාම හේතුවෙන් ළමා පරපුරේ පෝෂණ මට්ටම පහළ ‍‍ගොස් ඔවුන් වේගයෙන් ලෙඩරෝග වලට ගොදුරු වේ.  නිසා යහපත් පෝෂණයක් පවත්වා ගැනිම සදහා  වන උපදේශන පවුල් මට්ටමින් නිසි නියාමනයක් සහිතව ක්‍රියාත්මක කළයුතු යැයි ද දිස්ත්‍රික් ‍ලේකම්වරයා සදහන් කළේ ය. 
     
    මෙහිදි  අදහස් දැක්වු , පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා  ස්ථිරසාර සංවර්ධනයකට අවශ්‍ය මුලික අඩිතාලම වන්නේ පෝෂණය බවත් පැවසීය.
     
    සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ සම්බන්ධිකරණ අංශය  මගින් ‍මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී.
     
     
    AP/DMU- Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya