ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලියාපදිංචි නොවු වැවිලිකරුවන්ටත් රබර් වලට සහතික මිලක්

    ජූලි 16, 2015
     
    රබර් කිලෝ ග්‍රෑම් 01 ක් සදහා රජය මගින්  ලබා දෙන රුපියල් 350 ක සහතික මිල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවු වැවිලි කරුවන්ටත් ලබා දීමට රජය තීරණය කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතරකාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා  ජී.ඩී. නදීකා මහත්මිය පැවසුවාය.
    ඒ මහත්මිය මෙම කරුණු අනාවරණය කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
     
    රබර් වලට සහතික මිල ලබා ගැනීමේදී සෑම වැවිලිකරුවෙක්ම 
    දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වී තිබුණි.
     
    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ  අතර ලියාපදිංචි විය හැක්කේ ඉඩම තමාට හිමි අයිතිකරුවන්ට පමණක් වීම නිසා සහතික මිල ලබා ගැනීමට හැකිවුයේ කිසියම් පිරිසකට පමණි.
     
    ඉඩමේ අයිතිය තමාට හිමි නැති රබර් වැවිලිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින අතර රජයේ නව තීරණය නිසා සහතික මිල ලබා ගැනීමේ හැකියාව ඔවුන්ටත් ලැබෙන බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
     
    එමෙන්ම රබර් වැවිලිකරුවන්ට සහතික මිල ගෙවීම් කිරීමේ ක්‍රමවේදයේ ද වෙනසක් කර ඇත.
     
    මේ දක්වා සහතික මිලට අදාල සහන දීමනා රබර් වැවිලිකරුවන්ට ගෙවනු ලැබුවේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල වලින්  පමණි.
     
    මෙම නව ක්‍රමවේදය අනුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සෑම බලපත්‍රලාභීයෙකුටම ජුලි මස සිට සහන දීමනාව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතර ශාඛාව පවසයි.
     
    AP/DMU-Kalutara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya