ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයිරෝඩ් ව්‍යාපෘතිය මගින් දකුණු පළාතට රුපියල් මිලියන 13846ක්

    ජූලි 22, 2015

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක‍්‍රියාත්මක කෙරෙන අයිරෝඩ් ව්‍යාපෘතිය මගින් දකුණු පළාතේ අන්තර් ගම්මාන පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 13,846ක් වෙන් කර ඇත.

     

    අන්තර් ගම්මාන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වශයෙන් නම් කර තිබෙන මෙම වැඩසටහන මඟින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මාර්ගවලට පිවිසුම් මාර්ග 66ක කිලෝමීටර් 197.10ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 4674ක් මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මාර්ග වලට පිවිසුම් මාර්ග 67ක කිලෝමීටර් 217.50ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5325ක් සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මාර්ගවලට පිවිසුම් මාර්ග 52ක කිලෝ මීටර් 166.70ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3845ක් වශයෙන් මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන්කර තිබේ. ඒ අනුව දකුණු පළාතේ මාර්ග 185ක කිලෝ මීටර් 581.30 ක් මේ යටතේ සංවර්ධනය කෙරේ.

     

    මෙහිදී නව මාවත් ඉදිකිරීමක් සිදු නොකෙරේ. දැනට තිබෙන මාර්ගවල කාපට් අතුරා සංවර්ධනය කිරීම් ආදිය සිදු කිරීමට නියමිත ය.

     

    මේ වන විට මැනුම් කටයුතු ඇතුළු මූලික කටයුතු ආරම්භ කර ඇති අතර වසර 05ක් තුළ අදාළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර අවසන් කළ යුතු ය.

     

    මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවේ.

     


    Dmu_Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya