ඒ අනුව එය ලංකා බැංකුවෙන් මිලියන 4000ක් ද, මහජන බැංකුවෙන් මිලියන 2000ක් ද වශයෙන් මෙම ණය මුදල වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කටයුතු කෙරේ.
මෙවර වී මිලදී ගැනීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම ක්‍රමවේදයට අනුකූලව වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමෙන් පසු ව අදාළ මුදලට ලදුපතක් ඔවුන් වෙත නිකුත් කරනු ලැබේ. එම ලදුපත ඉදිරිපත් කිරීමෙන් පසුව ගොවීන්ට අදාළ මුදල් බැංකුව වෙතින් ලබාගැනීමට පහසුකම් සලසනු ලැබේ. තවද බැංකුව විසින් ගොවීන්ට මුදල් ගෙවීමේ දී ගොවීන්ගෙන් බැංකුවලට අය විය යුතු පෙර ණය මුදල් ආපසු අය කර ගැනීමක් සිදු නොකිරීමට ද තීන්දු කර ඇත.
මෙම ක්‍රමය යටතේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් ම වී මෙට්ට්‍රික් ටොන් 120,000ක් පමණ ඉදිරියේ දී මිලදීගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.
DB