ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගෝල්ඩන් කි තැන්පතු කරුවන්ට රජයෙන් මුදල් ගෙවිම ජුලි 24 දා ඇරඹේ

    ජූලි 23, 2015

    නව රජය අතුරු  අය වැය මගින්  මුදල්  අමාත්‍යවරයා විසින්  යෝජනා  කල පරිදි  අක්‍රීයව  පවතින  සී/ස  ගෝල්ඩන්  කි  සමාගමේ  තැන්පත්කරුවන්ට  එම මුදල්  රජය  විසින්  ආපසු  ලබා දිම  ජුලි  24 දා  සිදු  කෙරේ.

     

    ගෝල්ඩන් කී  සමාගමේ තැන්පත් කරුවන් විසින්  දිර්ඝ  කාලිනව  මුහුණ  දෙන  ගැටළු වලට  විසදුම් වශයෙන්  ඔවුන්ගේ  තැන්පත් මුදල්   රජය මගින්   ආපසු ගෙවිම පිලිබඳ  මුදල්  අමාත්‍යවරයා විසින්  ඉදිරිපත්  කරන ලද  ගෙවිම්  ලේඛණයට  පසුගිය  සතියේ  දි  අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය  ලැබිණි. ඒ අනුව  රුපියල් විසි ලක්ෂයක්  දක්වා වු  තැන්පත් කරුවන්  වෙත  එම  මුදල්  ජුලි  24 දා  පටන්  මසක්  ඇතුළත  ගෙවනු  ලැබේ. මෙම  මුල්  කොටස  ගෙවිම  සඳහා  අවශ්‍යවන  රුපියල්  මිලියන 544.3ක මුදල  මහා භාණ්ඩාගාරය  විසින්  නිදහස්  කරනු  ලැබේ.  මේ  සම්බන්ධයෙන්  ශේෂ්ඨාධිකරණයේ  නඩුවක්  පවතින බැවින්  අධිකරණයේ  අනුමැතිය  ඇතිව  ගෝල්ඩන්  කි  සමාගමට  අයත්  වත්කම් බැහැර කිරිමෙන්  ආපසු  අය කර ගැනිමට කටයුතු කරනු ලැබේ.

     

    මෙයට  අමතරව  රුපියල්  මිලියන 10 ට  අඩු  තැන්පතුකරුවන් වෙත  ඔවුන්ගේ  මුදල්  ඉදිරි මාස දෙකක්  ඇතුළත ගෙවිමටත්  රුපියල්  මිලියන  දහයට  වැඩි  තැන්පත්කරුවන්ට  ඉදිරි වසරක්  ඇතුළත  ගෙවීම් කිරිමටත්  රජය තීරණය  කර ඇත.  මේ සඳහා  රුපියල්  මිලියන 7000ට  අධික  මුදලක්  අවශ්‍ය වන බව කී මුදල්  අමාත්‍යවරයා  මෙම මුදල්  ගෝල්ඩන්  කී සත් වත්කම්  බැහැර කිරිමෙන්  හා  එම  වත්කම්  වලින්  දැනට  ලැබෙන  ලාභාංශ  මගින්  ලබා ගැනිමට  තීරණය  කර ඇතැයි පැවසීය.  ගෝල්ඩන් කී  තැන්පත්කරුවන්  විසින් පවරන ලද  නඩුව  අවස්ථාවේදි  තැන්පත්කරුවන්  වෙත  ඔවුන්ගේ  ගිණුම් ශේෂයෙන්  41% ප්‍රමාණයක මුදල්  ආපසු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය  විසින්  දැනුම් දි තිබුණි.  ඒ අනුව  ගිණුම්  ශේෂය  පිළිබඳ සැලකිල්ලක් නොගෙන  මෙම වසරේ  ජනවාරියේ දි සියළු තැන්පත්කරුවන් වෙත  රුපියල්  ලක්ෂ තුනක  උපරිමයට  යටත්ව  ගෙවිම්  කරන ලදී.

     

    ගෝල්ඩන්  කී  ඇතුළු  බැංකු  නොවන  මුල්‍ය  ආයතනවල  තැන්පත්කරුවන්ගේ  දිගු කාලීන  ගැටළුවලට  සාධාරණ  විසදුමක්  ලබාදීම  සඳහා  ශ්‍රි ලංකා  මහ බැංකුව  හරහා  මැදිහත්විමක්  කරන බවට  නවරජය පොරොන්දුව සිටියේය. ඒ අනුව මුදල්  අමාත්‍යවරයා මහ බැංකුවේ අධිපති සමඟ  එක්ව  මෙම ගැටළුවට විකල්ප විසදුම්  සෙවිම සඳහා  ගෝල්ඩන්  කි  තැන්පත්කරුවන්ගේ  සංගමය සමඟ  සාකච්ජා වට කිහිපයක් පවත්වන ලදී. ගෝල්ඩන්  කී  සමාගමේ තැන්පත්කරුවන්ගේ  සංගමය  සමඟ මුදල්  අමාත්‍යවරයා  පැවැත්වූ  සාකච්ඡාවල ප්‍රතිඵලයක්  වශයෙන්  එම  තැන්පත්  මුදල්  ආපසු  ලබා  දිමේ  වැඩ පිළිවෙළක්  ක්‍රියාත්මක  කිරිමට හැකිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya