ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දියතලාව නරියා කන්ද හරිත වර්ණ කිරීමේ ව්‍යාපෘතියක්

    ජූලි 24, 2015
    දහස් ගණන් පිරිසකගේ හා විශේෂයෙන් ම අප්‍රේල් නිවාඩු සමයේ දී ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය නැරඹීමට යන විශාල පිරිසකගේ නෙත් සිත් ඇද බැද ගන්නා දියතලාව ප්‍රදේශයේ ඇති නරියා කන්ද හරිතවර්ණ කිරීමේ ව්‍යාපෘතියක් යුද හමුදාව විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
     
    අද (24) දියතලාව නගර මධ්‍යයේ සිට නරියා කන්ද දක්වා සංවිධානය කරන ලද පා ගමනකින් අනතුරුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත.
     
    මෙහි ප්‍රථම අදියර යටතේ මධ්‍යම පළාත් ආරක්‍ෂක සේනාවේ භට පිරිස් විසින් පලතුරු පැල හා මෙම ප්‍රදේශයට ආවේනික පැල 1000ක් පමණ මෙහි රෝපණය කරනු ඇත. සුපර් ක්‍රොස් තරගාවලිය හා මෙම ප්‍රදේශයේ සිදු කරන අනෙකුත් මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි ඇති රමණීය පරිසරය විනාශ වන අතර ප්‍රථමයෙන්ම ආරම්භක පියවරක් වශයෙන්  ඉහත මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩිපුරම බලපා ඇති අක්කර 3.75ක පමණ වන ප්‍රදේශයක මෙම නැවත වන වගාකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ඇත.
     
    මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ රාජ්‍ය සමාගම්, පාසැල් සිසුන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පූර්ණ සහයෝගය ලැබී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya