ඒ අනූව ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය පිළිබඳව විශේෂයෙන් හඳුනාගත් ප්‍රදේශයන් හා පුද්ගල කණ්ඩායම් හඳුනාගැනීම සිදු වේ. ඒ අනූව ඔවුන්ගේ දත්ත පද්ධතියක් එක්රැස් කර ගැනීම, එහි භාවිතය සහ නිවාරණ උපක්‍රම පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම මෙහි මූලික අරමුණයි. මත් උවදුර නිසා වින්දිතයට ලක් වූ පවුල් සහ පුද්ගල චරිත පිළිබඳවද මෙහිදී තොරතුරු රැස් කිරීම සිදු වේ.
මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා හඳුනාගත් විශ්ලේෂණාත්මක වැඩසටහනක අවශ්‍ය තාවය මෙහිදී ඉස්මතු විය. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් වරුන් සහ සමාජ සංවර්ධන කටයුතු හි නියැලෙන ක්ෂේත්රගත නිලධාරීන් යොදා ගැනීමට අපේක්ෂිතය.
AP / DMU- Galle