ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බලංගොඩ බොල්තුඹේ සමන් මහ දේවාල ඇසළ පෙරහර

    ජූලි 29, 2015
    ලොව  ඉපැරණිම දේවාලය ලෙස සැලකෙන බලංගොඩ බොල්තුඹේ සමන් මහ දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට සමගාමීව එහි විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම ද ප්‍රධාන අමාත්‍යවරයා අතින් සිදු විය.
     
    සමන් දේවාල පෙරහර විථි සංචාරය 31දා රාත්‍රිය දක්වා අඛණ්ඩව පවත්වා අගෝස්තු 01දා දිය කැපීමෙන් පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
     
    බංලගොඩ බොල්තු‍ඹේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර, ඊටම ආවේණික වූ  වතාවන් හා චාරිත්‍ර විධි අනුගමනය කරන, දිවයිනේ සෙසු පෙරහර සංස්කෘතික මංගල්‍යන් අතර සුවිශේෂී බවක් උසුලන පෙරහරක් ද වේ.
     
    ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් සතර දිසාවන්හි පිහිටා ඇති රත්නපුර, බොල්තු‍ඹේ, දැරණියගල සහ මහියංගනය යන සතර මහ සමන් දේවාල අතුරින් ද ඉපැරණිම දෙවොල ලෙස බොල්තුඹේ සමන් දේවාලය සැලකේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya