ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ක්ෂේත්‍ර දින වැඩසටහනක් බණ්ඩාරවෙලදී

    ජූලි 29, 2015
    මැද රට අතරමැදි කලාපයේ එළවළු බෝග මූලික කර ගත් කෘෂිකාර්මික නිෂ්පාදන රටාවට උචිත තාක්ෂණයක් හා කෘෂිකාර්මික දැනුම ලබා දීමේ ක්ෂේත්‍ර දින වැඩසටහනක් අගෝස්තු 13 හා 14 දෙදින බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
     
    අර්තාපල් මූලික බීජ නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගනු ලබන විවිධාකාර තාක්ෂණික ක්‍රමවේදයන්, මල් ප්‍රභේද හා වගා ක්‍රම, අධික කෘෂි යෙදවුම් භාවිතයේ අනිසි ප්‍රතිවිපාකයන් හා තිරසාර පාංශු හා ජල කළමනාකරණය, බෝගයනට හානි කරන රෝග හා පලිබෝධකයන් හඳුනාගැනීම හා ප්‍රතිකාර පිළිබඳ සායනයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත තක්කාලි, බෝංචි, මාළු මිරිස් හා වම්බටු ප්‍රභේද පිළිබඳ සායනයක්, පැළ බද්ධ කිරීමේ ක්‍රම පිළිබඳ ව සජීවී වැඩසටහන් හා සෞම්‍ය කලාපීය පලතුරු ප්‍රභේද හා වගා පාලනය යන කරුණු මූලික කර ගත් තාක්ෂණයන් ලබාදීම මේ වැඩසටහන මඟින් සිදු කරනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya