ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය 36 වන සංවත්සරය සමරයි

    අගෝස්තු 05, 2015
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි හදවතවු ජයබහළු පර්යන්තයට 2015 වසර අභියෝගාත්මක වසරක් වී ඇත. ඉදිරියේදී ඇතිවන සීඝ්‍ර තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා ප්‍රධාන නෞකා සේවාවන් 2 ක් කොළඹ වරාය වෙත ආකර්ශනය කර ගැනීමට හැකිවී ඇති බවත් පළමු හය මාසය තුළ නෞකා පැමිණිම 12.7% කින් වර්ධනය වී ඇති බවත් වරාය අධිකාරියෙහි සභාපති ආචාර්ය ලක්දාස් පනාගොඩ මහතා පවසයි. 
    ඒ මහතා මෙසේ පැවසුයේ පසුගියදා සම්බුද්ධත්ව ජයන්ති පරිශ්‍රයේ පැවති ශ්‍රි ලංකා වරාය අධිකාරියෙහි 36 වන සංවත්සර උත්සවයේදීය. 
     
    සියළුම වරායන් තුළ භාණ්ඩ ටොන් 2.8 ක මෙහෙයුම් වර්ධනයක්  ඇති කර ගැනීමට හා නෞකා ආකර්ශනය කර ගැනීමට අවශ්‍ය  යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත් කොළඹ වරායේ මෙහෙයුම් වර්ධනය කිරීමට හා  මානව සම්පතින් ප්‍රශස්ත ප්‍රතිඵල ලබා ගැනීමටත් කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය. 
     
    2015 වසරේ වරාය අධිකාරියෙහි සියළුම සේවක මහත්ම මහත්මීන් සඳහා 15% කින් වැටුප් වැඩිකර රුපියල් 9,000 ක අමතර විශේෂ දීමනාවක් ලබා දීමත්, සේවා කාලය පදනම් කරගනිමින් විශ්‍රාම  ගැන්වෙන  සේවක මහත්ම මහත්මීන්ට රන් පවුම් ප්‍රදානය කිරීමටත් හැකිවීම සතුටට කාරණයක් බවත් පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya