ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වී මිලදී ගැනීමේ තොරතුරු අන්තර්ජාලයට

    අගෝස්තු 06, 2015
    යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුළත් වූ වෙබි අඩවියක් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අමාත්‍යංශය විසින් ආරම්භ කොට ඇත.
    ඒ අනුව මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු www.pmb.gov.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය. ආහාර සුරක්ෂිතතාව අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන වී අලෙවි මණ්ඩලය පිළිබඳ සාමාන්‍ය තොරතුරුවලට අමතර ව දිස්ත්‍රික් මට්ටමින් රජයේ වත්මන් වී මිලදීගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ ව තොරතුරු ද ඇතුළත් වේ. 
    වී මිලදී ගනු ලබන ගොවීන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක, මිලදී ගනු ලබන මධ්‍යස්ථාන, මිලදී ගත් වී වර්ගය, වී ප්‍රමාණය හා ගෙවන ලද මුදල් පිළිබඳ ව විස්තරයන් ද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.
    වී මිලදී ගැනීමේ වැඩසටහන පිළිබඳ පැමිණිලි වෙතොත්  දුරකතන අංක 0112 335 411, 0112 335 414 සහ ෆැක්ස් අංක 0112 335 410 වෙත දැනුම් දිය හැකිය.
    2015 යල කන්නයේ වී මිලදී ගැනීම් කටයුතු පසුගිය ජුලි 29දා ආරම්භ විය. දැනට වී අලෙවි මණ්ඩලය විසින් ප්‍රධාන වශයෙන් වී වගා කරනු ලබන ප්‍රදේශවල වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 145ක් ක්‍රියාත්මක කර ඇත. මෙම මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට අමතර ව දුරබැහැර ප්‍රදේශවල සිටින ගොවි ජනතාවගේ පහසුව සඳහා ජංගම මිලදී ගැනීමේ සේවාවක් ද වී අලෙවි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya