ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බාල පොල්තෙල් වෙළෙඳපොළේ

    අගෝස්තු 11, 2015

    ඉවුම් පිහුම් කටයුතු සඳහා වෙළඳ පොළේ අලෙවිය සඳහා ඇති පොල්තෙල්වලින් අඩතට ආසන්න ප්‍රමාණයක් බාල තෙල් වර්ග මිශ්‍ර කර සැකසූ බාල පොල් තෙල් බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) අනාවරණය කර ඇත.

    අධිකාරිය පවසන පරිදි, ලිහිල් තොග ආකාරයෙන් අලෙවිය සඳහා බාල පොල් තෙල්, වෙළෙඳපොළට පිවිස ඇත.

     

    පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ මෑත වැටලීම්වලදී හමු වූ අලෙවි කරමින් තිබූ පොල් තෙල් තොගවලින් සියයට 40ක් පමණ වූ පොල්තෙල් ප්‍රමාණයක බාල තත්ත්වයේ පාම් තෙල් හා අනෙකුත් බාල එළවළු තෙල් අඩංගු බව සොයාගෙන ඇත.

     

    මේවා නිසි ලේබල් අලවා අනුමත සන්නම් නාම යටතේ පැකට් ලෙස වෙළඳපොලට පැමිණෙන පිරිසිදු පොල් තෙල්වලට වඩා අඩු පිරිවැයක් වන හේතුවෙන් කුඩා ආපන ශාලා හා සමහර කුඩා හෝටල් වෙළෙන්දන් සහ හිමිකරුවන් විසින් මිල දී ගෙන භාවිතා කරන බව හෙළි වී ඇත.

     

    සියලුම තොග ආකාරයෙන් අලෙවි කෙරෙන ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිතා කරන තෙල් නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කර ඇති පරිදි පැකට් කර මුද්‍රා තබා නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සමඟ නිෂ්පාදන වෙළඳ නාමය, හිමිකරුවන්ගේ නාමය සහ ලිපිනය සමඟ ලේබල් කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

     

    පිසින තෙල් ලෙස විකුණන බාල පාම් තෙල් භාවිතය හේතුවෙන් ප්‍රධාන සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකිය. බොහෝ විට කුඩා හෝටල් විසින් මෙම බාල තෙල් කොත්තු රොටි, පරාටා, පපඩම්, සහ පේස්ට්‍රි වර්ග සෑදීම සඳහා යොදා ගනු ලබති. මෙම ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් රුධිරයේ (ලිපිඩ) ඉහළ මේද සංයුතියක් වර්ධනය වී  ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහළ යාමෙන් හෘදයේ රෝග (හෘදයාබාධ) ඇති විය හැකි හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya