ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මත් ද්‍රව්‍ය නිවාරණය ගෙදරින් පටන් ගත යුතුයි - සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම්

    අගෝස්තු 15, 2015

    “මත් ද්‍රව්‍ය නිවාරණයේ දී මූලික වගකීම එන්නේ පවුලටමයි. අද සමාජයට පවුල අමතක වෙලා. මත් ද්‍රව්‍ය නිවාරණය ගෙදරින් පටන් ගත යුතුයි.“ යැයි සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය පැවසුවාය.

     

    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අමාත්‍යංශය අනුග්‍රහයෙන් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන් පැවති “මතින් තොර රටක්”  තේමාව කරගත් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ දීය.

     

    මෙම අවස්ථාවට සමාජ සේවා  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
      
    සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම්තුමිය තවදුරටත් පැවසුවේ,

     

    “අපට දරුවො අමතක වෙලා. ඒ අය ආරක්ෂා කරගත යුතු වෙනවා .පාසලේ දී ගුරුවරුන්ට විශාල කාර්යය භාරයක් තියෙනවා.

     

    පාසල් අවට මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා. ඒ සම්බන්ධව අපේ අවධානය යොමු විය යුතුයි. ඒ වගේම පන්සල කෝවිල පල්ලිය පෞද්ගලික ආයතන වලට ද මේ සඳහා විශාල කාර්යය භාරයක් කළ හැකියි. මෙය සමාජ සේවා අමාත්‍යංශයට පමණක් කරන්න බැහැ.

     

    දෙමවුපියන් මේ සදහා පෙරට ආ යුතු වෙනවා. දරුවා සමාජයට වැඩදායක පුද්ගලයකු කළ යුතුයි. පවුල් අසමගිය,දූෂණ,ලිංගික අපයෝජන, සිදු වන්නේ මත් ද්‍රව්‍ය භාවිතය නිසයි. අපි බුදු දහම සමග වෙලිච්ච ජාතියක්. එහි එහි සේවනය අපට තියෙනවා. දරුවන් සම්බන්ධව ඇති වී තිබෙන ගැටළු එළියට ගෙන මත් ද්‍රව්‍ය භාවිතය නැවැත්විය යුතුව තිබෙනවා“ බවය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya