ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පුහුණු දිනය නිමිත්තෙන් දේශන මාලාවක්

    අගෝස්තු 16, 2015
    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු දිනය නිමිත්තෙන් ඉදිරිපත් කිරීම් ඇතුළත් දේශන මාලාවක් සිදු කිරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පසුගියදා කටයුතු කරනු ලැබීය.
    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ සහභාගී විය. මෙදින ආරම්භක දේශනය සිදු කරනු ලැබුවේ මුලතිව් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම්. හෙට්ටිආරච්චි විසිනි. 
    ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලුතිතන් එන්.කේ.බී.එස්. නානායක්කාර විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ශ්‍රී ලංකා පාබල හමුදා අතර සහයෝගිතාව පිළිබඳ දේශනයක් සිදු කරන ලදී.
    අනතුරුව ඉංජිනේරු සේවා බලකායේ ලුතිතන් එච්.ඒ.එස්. පීරිස් බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ ඉදිරිපත් කිරීම් ඇතුළත් දේශනය සිදු කළේය.
    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන සේනාංක, බලසේනා, ඒකක සහ ඉදිරි නඩත්තු ප්‍රදේශවල නිලධාරීහු 100කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya