ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයට කුරුණෑගලින් අපේක්ෂකයින් 468දෙනෙක් තරග බිමට

    අගෝස්තු 15, 2015

    2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූර 15ක් තෝරා පත්කර ගැනීම සඳහා පුද්ගලයින් 468දෙනෙකු තරග වදිති. මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 14ක් තරග වදිති.

    වර්ග කිලෝමීටර 4,816 විශාලත්වයකින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුල් ජනගහනය 1,636,000ක් මුලු ඡන්දදායකයින් ගණන 1,266,443කි.

     

    එයින් තැපැල් ඡන්දදායකයින්ගේ ගණන 67,958කි. දිස්ත්‍රික්කයට මැතිවරණ කොට්ඨාස 14කින් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක්ද ග්‍රාම නිලධාරී වසම් 1,610කින්ද සමන්විතය. දිස්ත්‍රික්කයෙන් ඡන්ද මධ්‍යස්ථාන 925ක් පිහිටුවා ඇති අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 151ක්ද සිදු කිරීමට නියමිතය. වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල කාර්මික විද්‍යාලය, මලියදේව පිරිමි විද්‍යාලය සහ කුරුණෑගල රණවිරු විද්‍යාලය ගණන් කිරීමේ කටයුතු සඳහා යොදා ගැනේ. රජයේ නිලධාරීන් 12,000ක් මැතිවරණ කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

     

    SDF/dmu_Kurunegla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya