ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් නාවික හමුදාපති හමුවෙයි

    අගෝස්තු 25, 2015
    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥානවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඊයේ (24) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
     
    නාවික හමුදාපතිතුමන් හා සුහද කථාබහක නිරත වූ එම නිලධාරීන් පිරිස සේවා මුක්ත භට සංගමයේ වත්මන් ක්‍රියාකාරකම් සහ එහි සාමාජිකයන් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධක වැඩසටහන් පිළිබඳ ව දැනුවත් කිරීමක් සිදු කරන ලදී. 
     
    එහිදී සේවා මුක්ත භට සංගමයේ අභිවෘද්ධිය සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බව නාවික හමුදාපතිතුමන් ප්‍රකාශ කළේය. 
     
    මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya