ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව මුහුදේ දී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් බේරා ගනී

    අගෝස්තු 26, 2015
    ත්‍රීකුණාමලය සිට කිලෝමීටර් 405ක් (නාවික සැතපුම් 225ක්) පමණ නැගෙනහිරින් වූ ගැඹුරු මුහුදේ දී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් "සුරංග" නැමති ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් හය දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.
     
    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවරයන් පිරිස බේරා ගැනීම සඳහා උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ "ශක්ති" නෞකාව පසුගිය 21දින පිටත්කර හැරීමට කටයුතු කළේය. 
     
    ධීවරයන් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයේ තිබූ ධීවර යාත්‍රාව රළු මුහුදු තත්ත්වය යටතේ පැය 48කට පසු ආරක්ෂාකාරී ලෙස ඊයේ (25) දින ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya