ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සිරි දළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාර වැඩ සටහනේ සමාප්ති උත්සවය අගෝස්තු 29 වනදා

    අගෝස්තු 26, 2015
     
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන “සිරි දළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාරය” වැඩසටහනේ මෙවර සමාප්ති උත්සවය අගෝස්තු 29 වැනි දින පෙ.ව. 11 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. 
    මෙම උත්සවයේදී  මධ්‍යම පළාතේ පාසල්වල පරිසර නියමු භටයන් 538 දෙනෙක් ජනාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන ලබා ගැනීමට නියමිතය. 
     “සිරි දළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාරය” වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු තවත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇත.
     
    2003 වසරේ සිට අඛංඩව වසර 11 ක කාලයක් මෙම පාරිසකරික වැඩසටහන පවත්වාගෙන එනු ලබන අතර, වැඩ සටහනේ සමාප්ති උළෙලකට ජනාධිපතිවරයෙක් සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය වීම  විශේෂත්වයකි.
     
    ‍මහනුවර නගර‍ සීමාව තුළ සාමාන්‍යයෙන් දිනකට කසල ටොන් 110 ක්  පමණ එක් රැස් වේ. පෙරහර පවත්වන කාල සීමා තුළ එම ප්‍රමාණයට තවත් අමතර ටොන් 10 ක් එක් වන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. 
    එසේ එක් රැස් වන කසළ ප්‍රමාණය අවම කර ගැනීම මෙම පාරිසරික වැඩසටහනේ අරමුණයි. ඒ අනුව පෙරහර පවත්වන කාල සිමාව තුළ පරිසර නියමු භටයින් විසින්  කසළ කළමනාකරණය, කසළ අවමකරණය, සහ කසළ ප්‍රතිචක්‍රීයකරණය යන අංශ කෙරෙහි මහජනයා යොමු කරවීම සදහා ප්‍රායෝගික වැඩසටහන්ද ඇතුළුව වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. 
     
    AP/DMU- Kandy
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya